Rathnapuren
Harshana Dissanayake · Best of Harshana Dissanayake, Vol. 01 · 3:43
රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා කලා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා රුහුණු පුරෙන් නෙළලා කෑල මල් සුවඳ කොකුම් තවරා අලිමංකඩ තොට මුණට වෙලා අපි බලා හිඳිනවා නාගදීපයේ දොරගුලු හැරෙන තුරා ජයසිරිමා බෝ හාමුදුරුවනේ මා පෙලහරක් මවා දෙව්න්දරින් යාපා පටුනට එකම බතක් ඉදෙනා දිනක් අපට උදා කළ මැනවි යලිත් පන්සල පල්ලිය කෝවිල පාමුල ගුගුරා යන වෙඩි හඬ අතරේ පුපුරා යන්නේ මිනිස් කමයි මිහිදන් ඌ එක ලේ බිදුවකවත් ලියැවී තිබුනද ජාතියේ නමක් අනාත කඳවුරු දොර ළඟ පරවෙන කැකුළු මලක් විමසා බලන් උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව ජීවත්වන්නට හෙට දවසක් රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා කලා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා රුහුණු පුරෙන් නෙළලා කෑල මල් සුවඳ කොකුම් තවරා අලිමංකඩ තොට මුණට වෙලා අපි බලා හිඳිනවා නාගදීපයේ දොරගුලු හැරෙන තුරා
