Pani Bindak (Live)
Charitha Attalage · Kuweni Concert (A Cinematic Musical Experience) [Part A] · 8:21
ආදරයේ පැණි බිංඳක් නුඹේ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යළි එන්නම් පැණි බිඳු හා දැවටෙන්නම් නුඹේ සුවඳේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම් හදවත ස්නේහ වෑහෙනා පැණිබිඳු නුඹටමැයි කියා රවටනු සේම නුඹව සිපගන්නම් පැණිබිඳු හාදු තවරණා වෙනසක හේතු තේරුනා නොදැනුන සේම නුඹව සිපගන්නම් නුඹ කළුවරට බය හැඟෙයි අද රෑ තනි රකිනු සිතෙයි අලුයම සීතලේම ගුලි වෙන්නම් මම කළුවරට බය නොවෙයි එනමුදු තනිකමක් දැනෙයි අලුයම සීතලේම සමුදෙන්නම් නන්නාඳුනන එළි දිලෙයි කුණාටුවක් ද මට බයයි නුඹ අසලින්ම සොඳුර මම ඉන්නම් දෑසට දෑස දුර හැඟෙයි නුඹ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොඳුර මම ඉන්නම් නෙක මල් උයන් හමුවනා නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා අඟවනු සේම නුඹව සිපගන්නම් මා හැම රැයක පෑරුණා දැන දැන හේතු කාරණා නොදැනුන සේම නුඹව සිපගන්නම් ආදරයේ පැණි බිංඳක් නුඹේ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යළි එන්නම් පැණි බිඳු හා දැවටෙන්නම් නුඹේ සුවඳේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්
