Escape
MonaraKudumbiya · Escape · 4:38
පිනිකැට වැටෙන හිමිදිරියක හිරුට පෙර සිඳගෙන පහන් කණුවක් පාමුල තනිව නිදිනැති දෙනෙත්... නිදිනැති දෙනෙත් යොමුකර කලුවර දෙසට හැඟුමන් දොඩන ස්වරයට දුන්නා සවන දිරියෙන් තදියෙමෙන් දිව්වෙමි මඟනොහැර (මඟනොහැර) කාරිය කළෙමි කාලය පැනයනු නොදැන (පැනයනු නොදැන) දොරැගුළු දැමුණු මැදුරක නොදුටුමි අරුත (නොදුටුමි අරුත) තනුවක් නොමැති කවියක් විය මගෙ දිවිය... මායිම් කඩා මුදවමි අවතැන් සිතුවැල් (අවතැන් සිතුවැල්) සායම් මකා බිඳලමි රීදියේ තෙරපුම් (රීදියේ තෙරපුම්) කෝළම් රාමු ඇතුළට නොමයමි පෙරමන් (නොමයමි පෙරමන්) මෝසම් සුළං රැළි මෙන් සමරමි ගැලවුම්
