Thotupola

Hero

King Lotuss · Hero · 4:14

කාටද ඕන මගෙන් ගැලවෙන්න අරුම දේවල් දෙන්නම බැල වෙන්න බැල වෙන්න පේන දේවල් වලින් නැල වෙන්න හේතු දෙන්නම් මං ඇළ වෙන්න මේ හැමදේම වේවි අළු රතු කහ කොළ ලොකෙන් එහා හෙව්වොතින් හම්බෙන්නෙ සුදු කළු මවන්නම් අනෙක සළු වෙදි සැහැල්ලු මායාවෙ වතුරෙ පාවෙද්දි තව දැකුම් කළු ඇස් යා කරන හිතන්න අමාරුයි දේවල් මේ මා කරන කෙනෙක් නෙවෙයි එපා කරන ඕනේ නැ වියාකරන හිතෙන සියලු දේවල් පා කරන්නම් උඹට මදිද මදි නම් තා කරන්නං ගින්නෙන් දවන්නම් නවන්න බැරිදේ නවන්නං කරන්න බැහැයි කියලා දෙයක් නෑ තවත් නං අහසට යවන්න ඕන නම් යවන්න නම් උඹල අලවන්නට මේ කිව්වේ තව තව දේ මවන්නම් මේ මමම මවපු කුඩයට මේ මමම මවපු පිනි ඒ පිනි නැති කරා මේ මමම මවපු ගිනි විශ්වාසද උඹලාට මේ දැක්ක එකම වංශ ඔක්කොම එකයි සාක්ෂි මේ පැක් එකම හිත බං ලෙඩක් ඒ ලෙඩ පැතිරීම මායාවේ හැසිරීම වචන මං උඹ මැතිරීම ඇයි දැන් උඹට ඇතිවීම හිතන්න එපා ඇතිවීම පැවතීම නැතිවීම ඕන්නෑ ජීවය නැවතීම කවුද මේ හීරෝ කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් කවුද මේ හීරෝ කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් කෝ කවුද මේ හීරෝ කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් කෝ කවුද මේ කෝ කවුද මේ කෝ කවුද හීරෝ බෙදන්නෙ මගේම තුලා වේ යන නං දෙන්නේ නෑ මුලාවේ හිතේ පරෙයිය මුවාවේ පරෙයිය යයි දුර ශරීර ගුහාවෙන් කියනවා වගේ මේකෙ දුකක් නෑ මේන් සුව කඳුළුත් මගේ මගේම තමයි ලේන්සුව මේ පේන ආලෝකයට වඩා අඳුර මාරයි මේ හැමදේම අතහැරීම නම් මල විකාරයි ඒ සියල්ල මට බාරයි අනිත්ය නෙවෙයි අනිත් දේ බෑ ගැල වෙන්නට ලෞකිකෙන් ලෝකෝත්තර නන්නත්තාරයි හමාරයි නිවන නිවෙන්න ඕනද කරම හිත තමා කාන්දම මම හරි දේ දන්නවා අනිත් සියලු දේ කියන උන්ට මාදම බලපන් මේ ඉටිපන්දම ලස්සන රූප රටා සහ ලස්සන ආලෝකය තමාව පාලා මේ දැල්වෙන ආන්දම මායා බන්ධන මායා වේවි උඹට වට වීලා යන්නම ඕනේ නම් පලයන් ඉන්දිරියයන් මට දීලා හොයපන් කාමය රාගය බලය ධනය දර්ශන පසෙකට දීලා මම මතුර මතුර ඇති කරන්නම් නැති කරන්නම් ආයේ ඇති කරන්නම් මතූර ඒ අතරතුර මගෙන් ඉල්ලන්න එපා මේකෙන් ගැලවෙන්න යතුර මේ කඩුවෙන් වෙයි අනතුර ගියොතින් ධර්මය පතුර මං මත්තේ හදාගන්න හිතපල්ලා හේයි මේක අල්ලගන්න හිතපල්ලා හේයි මායා උදේ හවා වඳපල්ලා හේයි මායාව ඇත්ත කරන් ඉඳපල්ලා හේයි කවුද මේ හීරෝ කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් කවුද මේ හීරෝ කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් කෝ කවුද මේ හීරෝ කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් කෝ කවුද මේ කෝ කවුද මේ කෝ කවුද හීරෝ යේ

Hero lyrics · King Lotuss