Handana Tharam
Senanayaka Weraliyadda · Handana Tharam · 3:38
දුක තද කරන් මහ මේර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු උනත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුලට ඉතින් කථා කරගන්න පුළුවන් නම් කියයි හඬගා ලොවට මතු දා ඔබට මා ආදරෙයි කියලා දුක තද කරන් මහ මේර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් විටෙක ලං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ කෙළවරක් සොයා තව තැවෙනවා මැරී මැරී ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමියි කියා දුක තද කරන් මහ මේර තරම් නොනිඳ රෑපුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පන මගේ නොදැක හිනැහෙන්නේ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා දුක තද කරන් මහ මේර තරම්
