Ape Kathawa
Tharindu Damsara · Radical Paththini · 3:30
සංසාරයේ පෙම් නැවතුම්පලේ අපි හමුවීලා නොදොඩා ඉමූ සිහින තුහින මල් හැලෙන පාරේ තුරුපත් අගින් පින්න විසිරේ කෙහෙරැල් අතර මුවග සැඟවේ, කොල සේ අපි හමුවීලා නොදොඩා ඉමූ අහසෙ නුඹ තියලා බලාගෙන නෙත් පියන්වත් නොලා හිඳින් නුඹ ළඟ නතරවෙන්නම් කෝල බැල්මෙන් නුරා ඉතින් අත් පටලවා යනකොට ඉසුරුමුණියට පවා සත්තකයි ඉරිසියාවක් ඇති නොමල ප්රේමය නිසා ඉල් මහේ නිලි වැස්ස අරගෙන නැකැත් දවසක් බලා අපි අපේ වග ලොවට කියමුද? තවත් කුමටද පමා හඬ නඟා මොනවා කියන්නද? ඇස්වහට ඉඩ තියා සංසාරයේ ඉම දකිනකම් අපි හමුවීලා නොදොඩා ඉමූ සංසාරයේ පෙම් නැවතුම්පලේ අපි හමුවීලා නොදොඩා ඉමූ සිහින තුහින මල් හැලෙන පාරේ තුරුපත් අගින් පින්න විසිරේ කෙහෙරැල් අතර මුවග සැඟවේ, කොල සේ
