Thotupola

Thawthisa Lowen

Ashen Senarathna · Thawthisa Lowen · 4:11

තව්තිසා ලොවෙන් වැඩීයි දේවතාවියක් වැනී ඔබට පරදී නෙලුම් මල් පෙතී කල්ප කාලයක් අපි මේ ලෙසින් ගෙවන්නැතී හිතට දැනුනේ ඒ නිසා වෙන්නැති ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුලුමනින් නිමකලා තේරුණා ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුලුමනින් නිමකලා තේරුණා ආදරෙන් මා ඔබේ නිවෙනවා තව්තිසා ලොවෙන් වැඩීයි දේවතාවියක් වැනී ඔබට පරදී නෙලුම් මල් පෙතී ඇවිද යන්න තුහින මාවතේ පාර කියන සිතියමක් වගේ නේත්රාවන් ඔබේ දිලෙනවා ඔබගේ ලඟදි ගෙවෙන ජීවිතේ තබන තබන පියවරක් දිගේ සේනා අස්වැසුම් ගෙනෙනවා ආදරෙන් මා ඔබේ නිවෙනවා තව්තිසා ලොවෙන් වැඩීයි දේවතාවියක් වැනී ඔබට පරදී නෙලුම් මල් පෙතී බලන බලන හැම දසන්තයේ ඔබගේ රුව මට මවී පෙනේ ආශාවන් ගඟුල් උතුරවා ඇඟිලි ගනිමි මම අනාගතේ වැතිර ඉන්න පපුතුරේ ඔබේ දොරේ යන හැඟුම් අහුලලා ආදරෙන් මා ඔබේ නිවෙනවා ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුලුමනින් නිමකලා තේරුණා ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුලුමනින් නිමකලා තේරුණා ආදරෙන් මා ඔබේ නිවෙනවා තව්තිසා ලොවෙන් වැඩීයි දේවතාවියක් වැනී ඔබට පරදී නෙලුම් මල් පෙතී

Thawthisa Lowen lyrics · Ashen Senarathna