Thotupola

Maha Warusa

Jayss · Maha Warusa · 3:57

Ravi Jay Jayss නුඹේ ආලේ වෙලා කරකාර හිනා නුඹ නාඩා හිටපන් වැහිලිහිණියේ හිරුට හොරෙන් නුඹ කෝල පාන විට මහ වරුසා වැටුණා ඡායා මකාලා ස්වප්න මවාලා සිත්විලේ කිමිදූ සඳසාවී මා මගේ රසින් නුඹෙ තොල් මත් කරාලා කඳුළු මුතුකැට මාලයක් කලා ගෙල වට සැඟවේදෝ ඡායා නුඹ කොහෙද කියා හෙමින් බැලුවා පෙර දින මගේ පැලේ පෑයූ සඳ නුඹ ඇඬුවද අද හොරෙන් මට පිළිකන්නේ පැදුරේ වැටිල හඳ එළිය දිලිසේ නුඹේ වාවනු බැරි කඳුලට බලන් උන්නා සිප ගන්න මගේ දරු පැටියා ඇය නුඹ වගෙ වෙන්න ඇති හුරතල් කිරි සුවඳ මොන වගෙද මග ඇරිලා පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා මම ආවේ නුඹ එක්ක ඉන්න බලන් හැමදාම නුඹ යනවද දැන් හැමදේ මේ අතහැර ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට නුඹ දරාගත් දැනෙනා සංකප්ප දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද බුදුන් දුටු මග නුඹටත් යන්න හිතුනද දවසක ඇවිත් මට තේරුම් කරන් සඳ මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද කාලේ ගෙවීලා රාග නිවාලා හද උයනේ පරවුන මල මා මා කවි වලින් නුඹ මිදීලා ගියා කඳුළු මුතු කැට වැටී බිඳී ගියා හිත් මානේ මැව්වාදෝ මායා නුඹ කිමද කියා මගෙන් ඇහුවා නුඹේ ආලේ වෙලා කරකාර හිනා නුඹ නාඩා හිටපන් වැහිලිහිණියේ හිරුට හොරෙන් නුඹ කෝල පාන විට මහ වරුසා වැටුණා

Maha Warusa lyrics · Jayss