Nihanda Vidawa
Suneera Sumanga · Nihanda Vidawa · 4:06
මහ මෙර සසැලෙයි නුඹ හෙළු සුසුමන්ට අහසත් හැඩුවා වාගෙයි ඔබ හෙළු දා බිදට සයුරත් පරදයි නුඹ දුන් සෙනෙහසට ඉද හිටවත් එනු මැන මගේ සිහිනයට අමතක කර දෙව් සැප එක මොහොතකට තුන් පත් රෑනේ හැඩ දැනුනේ නැතිදෝ සයකොන් පැටවුන් නුඹ කුසගිනි පිරුවා කාටත් හොරාම නුඹ කුසගිනි තැපුවා දහසක් විඩාව ඔබ නිහඬව වැරුවා දෙව්ලොව සිට හෙලනා ආසිරි මල් වරුසා මා රජ උන දා මට නුඹ මග හැරුණාදෝ පතනෙමි පැතුමන් නුඹ පා නමදින්නා නිවනින් සැනහෙන තුරු ඔබේ පුතු වෙන්න නිවනින් සැනහෙන තුරු ඔබේ පුතු වෙන්න
