Thotupola

Meeduma Uthurana

Bathiya & Santhush · Neththara · 5:06

මීදුම උතුරන සඳපානේ මීවිත හිස් වෙයි මදු බඳුනේ මීදුම උතුරන සඳපානේ මීවිත හිස් වෙයි මදු බඳුනේ පන්සිළු අා විලසින විගසේ කන් කළුවෙන් සාදය සතොසේ නන්දන උයනක වාගේ නිම් නැති අත්තල නාදේ නංවයි සක්සල රාවේ නූපුර කිංකිනි ජාලා නැලවෙන නර්තන සේනා මිහිබට සුරඟුන් සේ මා පිනවන දුටු දන සෑමා සඳ සොමියෙන් වෑහුනා සිත සිත රස ගෑවුනා මන කොඳ මල් පීදුනා දන මන පොබයන යාමේ එලඹෙන දවසට ආයේ දල්වයි දිවි අනුරාගේ අඳුරට පුර හඳ වාගේ සුව සිතිවිලි වෑහෙනා රැය අඳුරෙන් ආ නිසා සුභ සිහිනය යාවුනා මීදුම උතුරන සඳ පානේ මීවිත හිස් වෙයි මදු බඳුනේ පන්සිළු අා විලසින විගසේ කන් කළුවෙන් සාදය සතොසේ නන්දන උයනක වාගේ නිම් නැති අත්තල නාදේ නංවයි සක්සල රාවේ

Meeduma Uthurana lyrics · Bathiya & Santhush