Thotupola

The Chanting of Love

Tharindu Damsara · Eternally in Love · 2:50

මලක් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි හීන් හිරි වැස්සට වෙන්වෙයි ස්ව කැමැත්තෙන් ඇතැම් මල්පෙති ඉඩෝරෙත් පිපි මල් පෙති ගලව ගලවා දුන් හැටි ඔබේ ළඟ ඒ කවි ඇති මට කියා කිසිවක් නැති වැව රවුමේ යන්තමට ගෑවෙන හිඳපු බංකුවේ දියසෙවල් පිස අදත් වැහිලිහිණියෙක් තනියම හිටියා නමවෙනි වළාකුල ළඟ දවස් තිබුණා අපටත් දුරින් හිඳ මිමුණුව හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇලුණ ආදරේ හදවතට දැනුණම හුදෙකලාවත් සාපයක් හීන පාවාදීම යනු නිම් කරන්නට බැරි පාපයක් වසන්තේ මම වෙමි අනන්තේ නුඹ නොවී සඳැස් කව් ලිහි ලිහී ප්රේමයේ පිංකම් කෙරේ ආදරේ පිරිතකි ජීවිතේ සිරිතකි පන්හිඳේ එති එතී කවි තිඹිරිගෙයි ලතී සිරිතටම පිරිත් කී හිතට සැනසුම් නැතී පිරිත් සර ඇසි ඇසී කුමරී සැපසේ නිදී

The Chanting of Love lyrics · Tharindu Damsara