Thotupola

Duwillen Wathsunu Thawara

Dhammika Walpola · Chamara Salunawe, Vol. 2 · 3:21

දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුලේ නිමේෂයක් කොඳුරාවී රහසින් ආ ගිය උන්හිටි තැන් සඟවා ගිනිකඳු සිරසේ මලපුඩු අතරේ කැදලි සදාවී මොණර කිරිල්ලී රැයකින් රැයකට කුස පිරෙනා සඳ සෙවණැල්ලේ සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ වහස් බැලුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන පියඹා යාවී මොණර කිරිල්ලී සැඩ සුළඟේ මුල් ඉදිරී යන ගස මුදුනේ නූපන් දවසේ රන් කිරි කඳුලේ සිහින දකීවී මොණර කිරිල්ලී සිහින දකීවී මොණර කිරිල්ලී සිහින දකීවී මොණර කිරිල්ලී සිහින දකීවී මොණර කිරිල්ලී

Duwillen Wathsunu Thawara lyrics · Dhammika Walpola