Thotupola

Sith Aranyaye

Bachi Susan · Sith Aranyaye · 4:00

දෝතින් දරා මල් පූජාසනයේ දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ පායා ඇවිදින් සිහින ඍතුවේ මා හට ඉඩ දෙන්න සිත් ආරණ්යයේ පායා ඇවිදින් සිහින මේ ඍතුවේ මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම හුරුයි පෙම් කරනා විට මහද සෙනෙහස ගොලුයි පායා ඇවිදින් සිහින ඍතුවේ මා හට ඉඩ දෙන්න හිත් ආරණ්යයේ මා හට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්යයේ පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරේ පායා ඇවිදින් සිහින ඍතුවේ මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ මට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්යයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ

Sith Aranyaye lyrics · Bachi Susan