Thotupola

Onekamai Loku

Anjalee Herath · Onekamai Loku · 3:17

නෑකම නෑ ඕනෑකමයි ලොකූ ඇයි මිනිසුන් හංගාන බිලි කොකූ මේ ලෝකේ රතු ලේ තමයි උකූ දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකූ ආදරයේ දේවාලෙ දෙවියො මග දමා බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා ජේසූ බුදුන් අල්ලා දෙවියන් එක පැත්තේ මිනිසුන් තමයි ආගමට ගහ මරා ගත්තේ විවිධ වුණත් වැහුවාම හැඩයි එක අත්තේ පන්සලේ මිසක් දන්සලේ සෙනඟ අඩු නැත්තේ මගුලට මළගෙට තරඟය පේනා ලොකුවට පෙන්වන්න තමයි ඕනා යැව්වට වෙන අය සඳ වෙත යානා අපි බය එයි කියලයි මහ සෝනා මේ ලෝකේ හැම දෙනා කළු සුදූ නෑ කවුරුත් තනිකරම පිරිසිදූ සැප දුක දෙක හෑමදෙනාටම පොදූ මාරයා ඇප නැතිවම අහයි නඩූ ආදරයේ දේවාලෙ දෙවියො මග දමා බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා

Onekamai Loku lyrics · Anjalee Herath