Thotupola

Dishti

Dhishti · Dishti · 6:31

අරුත් දිෂ්ටි යකුන් නැටුම කුරුලු වෙසේයා අඹරට හල වී අහුරෙන් උන් පලවායා දෙවෙනි දිෂ්ටි යකුන් නැටුම බළල් වෙසේයා මළ මී කුණු බිම හෙලුමෙන් උන් පලවායා ඉනිටු දිෂ්ටි දසන් කෙරුම සුනඛ වෙසේයා මස් වැදැල්ල පිළිගැනුමෙන් උන් වැනසේයා සතර දිෂ්ටි කඩාවැදුම විසකුරු කොටියා ලේ වගුරන කුකුළු බොටුව උන් වනසායා ඇත් රජුවන් දිෂ්ටි වරය දැන් පැමිණේයා යකුදුරු තැන දුටුවන් හට දණ වෙවුලායා තුන් ලෝකෙම කුංචනදින් දෙදුරුම් කෑයා හොඳින් ඉදුණු රඹකැන් ලැබ උන් වැනසේයා අවසානේ බහිරව යකු සභට වදීයා අඩ් දහසක් අඹර උසට යකු පැමිණේයා සබ ඇති උන් මරණ බියෙන් බොටු මිරිකේයා යකුට බයේ මර ලතෝනි ලොව පතුලායා යකු මැඩුමට යකැඳුරු යවුලක් ඔසවායා නොඉඳුල් කත රීරි මසින් යකු සනසායා බිලී දිෂ්ටි යකුන් නැටුම මින් නිමවේයා උන් ගියපසු දිෂ්ටි නැටුම අවසන් වේයා

Dishti lyrics · Dhishti