Thotupola

Sihinayaki Oba

Bandara Athauda · Sihinayaki Oba · 3:36

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රල ඔබ ඈත සමුදුර සයුරැ තෙර මා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා යුග ගනන් අප වෙන්ව ආ මග සොදුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සදුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලං වෙලා

Sihinayaki Oba lyrics · Bandara Athauda