Thotupola

Peradinayaka Ma

W. D. Amaradeva · Vali Thala Athare · 3:49

පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකි යනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා

Peradinayaka Ma lyrics · W. D. Amaradeva