Himanthara Theme
Raj Thillaiyampalam · Himanthara Theme · 3:57
සිඹිනා හැම සුසුමේ ඔබ හැංගී ඉන්නවා ගැඹුරේ මගෙ පපුවේ ඔබ හුස්මත් ගන්නවා මතුදා සංසාරයේ හැමදා ඔබ මාගේ වෙන්වී නොයා ලංවී සදා ඉන්නම් කියා දිවුරමී මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා උකුලෙම ඉන්න ආසයි ලඟ නැතිවාම ලෝභයි උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ මේ නෙතු පෑරුවේ ඇයි හඬවා ගියේ මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා කඳුලක රස්නේ රිදවයි මතකය ඈත දිවයයි හුස්මට දියවුණු කවියකි ආදරේ මේ හිත පාළුවේ නෑ ඉහලුම් නොදේ ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා සිඹිනා හැම සුසුමේ ඔබ හැංගී ඉන්නවා ගැඹුරේ මගෙ පපුවේ ඔබ හුස්මත් ගන්නවා මතුදා සංසාරයේ හැමදා ඔබ මාගේ වෙන්වී නොයා ලංවී සදා ඉන්නම් කියා දිවුරමී ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා
