Oba Pipuna
Kasun Kalhara · Haritha Nimnaya · 3:33
ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ, ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනේ... ඔබ පිපුනා... ආදරෙයි මම මේ දකින සිහිනෙට හතර අත මල් පිපෙන මේ සිහිනෙට, නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට මටම මා වැලකෙනා සිහිනෙට... ඔබ පිපුනා... ඇසෙන්නේ මේ ඔබ මුමුනනා වදනයි දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි, වෙලෙන්නේ මා වටා ඔබ මුදු දෑතයි, සැලෙන්නේ සිත අවදි වේයැයි බියටයි... ඔබ පිපුනා...
