Thotupola

Me Ayurin Api

T.M Jayaratne · Vikasitha Pem · 4:13

මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක් එදා සසර මගදි වෙන් වන්න ඇති සාලිය මාලා පෙම් බැඳි දා මම සිටු කුමරෙකු වී ඉන්න ඇති ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක් එදා සසර මගදි වෙන් වන්න ඇති අපරාජිත යැයි ඔබ පිදු පේමය පුදසුන මත පරවෙන්න ඇති සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නේ නැති මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක් එදා සසර මගදි වෙන් වන්න ඇති ආත්ම ගණනේ ඔබේ පය පාමුල මගේ කඳුළින් සේදෙන්න ඇති එදත් මගේ දුක් ආයාචනයක අද මෙන් ඔබ හිනහෙන්න ඇති මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක් එදා සසර මගදි වෙන් වන්න ඇති

Me Ayurin Api lyrics · T.M Jayaratne