Radical Paththini
Tharindu Damsara · Radical Paththini · 2:10
ජීවිතේ හොඳම කාර්තුවේ මම ඉන්නෙ දැන් දිගම තප්පරේ මල් ලියකම් කර ඔපදැමූ ආදරේ ඔබමයි හැඩිකලේ රැඩිකල් පත්තිනී ගොලු මුහුදේ මළබැඳි රසයෙන් නැව්බඳ දිරුවේ නුඹගේ ජපයෙන් වාලුක කතරේ රළු බිම් පත්ලේ දිය හැංගූයේ නුඹගේ බලයෙන් හදවත ගලවලා, ගින්නෙහි අවුලලා එය දැක හිනැහුනා, රැඩිකල් පත්තිනී අටවක අහසේ සඳ වහගන්නට මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන් හදවත කළු වී කඩතොලු වෙන්නට මට දුම් එව්වේ නුඹගේ දෙතොලින් පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ වස කවලම් කලේ රැඩිකල් පත්තිනී මල් ලියකම් කර ඔපදැමූ ආදරේ ඔබමයි හැඩිකලේ රැඩිකල් පත්තිනී
