Thotupola

Ahasata Sonduruda

Nelu Adikari · Saratha Wasanthe · 5:02

අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මට නම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මඟ ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සොඳුරුද මා හට ඔබ කෙතරම් අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මඟ ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්

Ahasata Sonduruda lyrics · Nelu Adikari