Sanda Se Basa Noya
Dammika Edirisinghe · Evoke Album Vol. 04 · 2:36
සඳ සේ බැස නොයා මගෙ ලොවේ රැඳේනම් කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම් ඔබෙ දෑසේ... රැඳෙන්නම්... මියෙන්නම්... පැතුමන් බිඳ දමා ඔබ නොයා හිඳී නම් සිත පුරා මා වියෙන්නම් දෑස සේ රකින්නම් මගෙ සුහදේ... සනසන්නම්... සැනසෙන්නම්... (Music) පබලු වැල් මාවතේ ඔබෙ දෑතේ වෙලී යාවි දැන් ලන්ව ඇත්නම් පෙර භවේ සොඳුරුයි ආදරේ හිමි වුනා සේ දැනේ ඔබ සදා සඳ සේ බැස නොයා මගෙ ලොවේ රැඳේනම් කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම් ඔබෙ දෑසේ... රැඳෙන්නම්... මියෙන්නම්... පැතුමන් බිඳ දමා ඔබ නොයා හිඳී නම් සිත පුරා මා වියෙන්නම් දෑස සේ රකින්නම් මගෙ සුහදේ... සනසන්නම්... සැනසෙන්නම්... (End)
