Thotupola

Mey Paradeesaye

Dinupa Kodagoda · Mey Paradeesaye · 6:09

මේ පාරාදීසයේ මේ පාරාදීසයේ හීන වලට සැබෑ වෙන්න ඉඩ තියෙනවා කැලඹී සප්ත ස්වර ආදරයේ හඬන සිත පිරිමදිනවා ගිම්හානයෙන් රිදුණු තුරු අගට වසන්තය ආයේ මල් ගේනවා විඩාපත් ජීවිතය සනසවා සිහිළැල් මද පවන හමනවා මේ පාරාදීසයේ ආදරෙන් හදවතේ සෝ තැවුල් නිවෙනවා සොඳුරු යෞවනේ නීල ගගනේ මේඝයක් සේ ඇදෙනවා මේ පරාදීසයේ පැතුම් බොඳවුනූ නෙත් කෙවෙණි ළඟ යළි ස්වප්න පෙළ ගැසෙනවා රෑ රෑ අමාවක අහසේම යළිත් පුර හඳ නැගෙනවා මේ පාරාදීසයේ මේ පාරාදීසයේ

Mey Paradeesaye lyrics · Dinupa Kodagoda