Kawrunda Kauluwa
Dilum Thejana · Kawrunda Kauluwa · 3:30
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්රේමයෙන් කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ නාඬන්න මගෙ පණ කියලා නුඹ ගියා මා දමා හැරයන්න හේතුත් කියලා මට කෙරූ චෝදනා දුර නොයන ප්රේමෙන් නික්මෙනා මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ අමතකද මා ළඟ උන්නා තනිකමින් උන් දිනේ ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ යලි එන්න හැකිනම් ඉක්මනින් නුඹෙ සුවඳ විලවුන් තවරා සයනයේ ගුලිවෙලා පැරණි මතකය මා ඉල්ලා යලි එන්නෙ නැති නිසා යලි එන්නෙ නැතිදෝ මා සොයා හැකි මට ඉන්න පෙර සේ ඉවසලා කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්රේමයෙන්
