Roo Naari
Subee · Roo Naari · 3:21
රූ නාරි අරා ඒ මායාවේ මා දෑසේ මවනා බලා නොබලා මීවිත පුරනා ඒ හෝරාවේ මා ආලේ පෑවා රෑ යාමේ ඈ, හිත සරන්නි දැවටී කිතිකවන්නි ලමැදේ සසලවන්නි ලවනේ ඈ මී තවරා රස සොයන්නි සයනේ සනු සලන්නි දැවෙනා ගත නිවන්නි නුඹ මාගේ ආශා මන්මත් කරනා පාවී හිඳිනා ඒ මේලාවේ ආශාවී පෑ සව්දිය පුරනා හීසර නෙතිනා කීවා වාගේ මා ආලේ පෑවා රෑ යාමේ ඈ, හිත සරන්නි දැවටී කිතිකවන්නි ලමැදේ සසලවන්නි ලවනේ ඈ මී තවරා රස සොයන්නි සයනේ සනු සලන්නි දැවෙනා ගත නිවන්නි නුඹ මාගේ මායා
