Thotupola

Ru Waruna

Centigradz · Avurudu Song Collection · 3:31

කිචි බිචියට ගී ගයන්න රූ වරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මැව්වයි කිචි බිචියට ගී ගයන්න රූ වරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මැව්වයි අයියණ්ඩිගේ හිත අද්දර නොකී කතා රැඳුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවෙයි අයියණ්ඩිගේ හිත අද්දර නොකී කතා රැඳුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවෙයි රූ වරුණා පද බඳනා සිත සනහා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි රූ වරුණා පද බඳනා සිත සනහා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි කිරි වදිනා හෙට දිනයේ අලුත් පැලක් තැනුණයි හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි කිරි වදිනා හෙට දිනයේ අලුත් පැලක් තැනුණයි රූ වරුණා පද බඳනා සිත සනහා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි රූ වරුණා පද බඳනා සිත සනහා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි

Ru Waruna lyrics · Centigradz