Seegiriye Kurutu Geetha
Prince Udaya Priyantha · Greatest Hits Vol. 2 · 3:44
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි අටවක සඳ පොඩි උනාට හරි හැඩයි පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි මට කියාදෙන්න බෑ මම හරි අසරණයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි හීනවලට හුරු කෙරුවේ ඔබ තමයි හීනවලින් මෑත්වෙන්න මට බයයි ඒ හීනෙට මම කවදත් ආදරෙයි අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
