Thotupola

Nura Wasanthe

Nadeemal Perera/Pasan Liyanage · Nura Wasanthe · 4:12

අඳුරේ ගිලී තනිවීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා අඳුරේ ගිලී තනිවීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කඳුළින් තෙමා පාවී ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ රැලි හමා නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්රාර්ථනා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ඔය දෑසෙ පා ඒ මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ළයේ සැතපිලා නව සඳ දිහා බල බලා භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා

Nura Wasanthe lyrics · Nadeemal Perera/Pasan Liyanage