Thotupola

Babalena sandanam

Lakshman Hilmi · Nilambari · 4:19

බැබළෙන සඳ නම් අහස් තලේ ඔබ තරුවක් වී මම ළඟ ඉන්නම් නොසිඳෙන සයුරේ දිය රළ ඔබ නම් වෙරළක් වී මා සිප ගන්නම් අවිහිංසක මුව පොව්වෙකු නම් ඔබ පවස නිවන දිය පොද වෙන්නම් මේ සංසාරේ ඔබ හිමි වුණි නම් භවය පුරා මා රැක ගන්නම් පීදෙන මුත් ලොව මල් කෙතරම් ඒ හැම මලකට බඹරු නොයෙයි හද කිති කවනා ආදරයෙන් විකසිත මල නුඹ නොවෙද ඉතින් සිලි සිලි සිවුමැලි නුඹේ රුවින් සිල් බිඳුවයි මගෙ ලොවට හොරෙන් හද කිති කවනා ආල හැඟුම් සුන්දරි පෙම් සුව විඳිමු ඉතින් බැබළෙන සඳ නම් අහස් තලේ ඔබ තරුවක් වී මම ළඟ ඉන්නම් නොසිඳෙන සයුරේ දිය රළ ඔබ නම් වෙරළක් වී මා සිප ගන්නම් මා හද ටජ්මහලක් වෙයි නම් ආදර සැමරුම් ලියමි බැතින් ඔබ හමුවන දා ආදරයෙන් සුවඳ දැනුනි පෙම් ලොවක නැවුම් සිලි සිලි සිවුමැලි නුඹේ රුවින් සිල් බිඳුවයි මගෙ ලොවට හොරෙන් හද කිති කවනා ආල හැඟුම් සුන්දරි පෙම් සුව විඳිමු ඉතින් බැබළෙන සඳ නම් අහස් තලේ ඔබ තරුවක් වී මම ළඟ ඉන්නම් නොසිඳෙන සයුරේ දිය රළ ඔබ නම් වෙරළක් වී මා සිප ගන්නම් අවිහිංසක මුව පොව්වෙකු නම් ඔබ පවස නිවන දිය පොද වෙන්නම් මේ සංසාරේ ඔබ හිමි වුණි නම් භවය පුරා මා රැක ගන්නම්

Babalena sandanam lyrics · Lakshman Hilmi