Ahasata Soduruda Sada Ketharam
Kashyapa Dissanayake · Ahasata Soduruda Sada Ketharam · 5:02
අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මග ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා... තිස්සෙම මන් වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සොඳුරුද මා හට ඔබ කෙතරම් අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මඟ ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්
