Thotupola

Paaya Aa Sanda

Milton Mallawarachchi · Piyapath Sala · 3:16

පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි කිලිටි කළේ ඔබෙ දෑතයි නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන් දෑත දෙපය මගෙ සීතයි දෑත දෙපය මගෙ සීතයි පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම් නැවතුණ තැන මම ඉන්නම මගෙ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යළි එන්නම් කොහි සිට හෝ යළි එන්නම් පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා

Paaya Aa Sanda lyrics · Milton Mallawarachchi