Thotupola

Eka Wasanthayaka

Kasun Kalhara · Radical Premaya · 4:05

එක වසන්තයක එක රාත්රියක දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා විතරක් මතකයි හද ලුහුබැඳ ඉව කරනා පෙර සසරක සුපුරුදු සුවඳ ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද ඔබමද ඒ සොඳුර මේ වසන්තයේදී හමුවෙන සුළඟ සමඟ සසැදී පෑහෙන්නට හිතයි මට ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස මගෙ සුසුමක් තියන්නද සිහිවනු පිණිස සොඳුර මේ වසන්තයෙම ගතවී යන්නට පෙර තුරුලේ ඇහිරෙන්නට පතමි මම ඔබෙ සිතැඟි වලට මුසු වනු පිණිස මගෙ හැගුමක් තියන්නද ගිවිසනු පිණිස සොඳුර එක වසන්තයක එක රාත්රියක දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා විතරක් මතකයි

Eka Wasanthayaka lyrics · Kasun Kalhara