Thotupola

Champa

Pop Punk · Pop Punk · 3:50

අඳුරේ නොපෙනෙනා සැඟවූ ඒ චායා කඳුලේ තැවරුනා සිහිනෙන් රූ මවා සුසුමන් සෝ දවා නොපෙනෙන දුර තබා රුව දෙව්ලියක සේයා ඈ හංසියකි මායා සිත සනසයි ඒ දැකුමන් පවා ඒ දිස්නයක සේයා හද රශ්මියක ගාවා මා සනසයි ඒ ගී ගායනා ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම මම මත්වු ආදරියෙ බොළඳයි ඔයා මේ මනමාල සුකුමාල ඔය දෑස මට බාර මියුලැසියේ සනසයි ඔයා විඳවන්න සංකා දාගෙන විදුලිපංකා මහ ගෙවල් හික්කා තිබ්බ ඉඩම් වික්කා වැටෙයි මට ඉක්කා පනිද මගෙ හක්කා පෙට්ටි ගණන් ට්රන්ක උඹට ලියපු ලියුම් එකතු කරලා කඩලා කඩේට මං වික්කා කලා අනුකම්පා උනේ භූමිකම්පා හැදුනේ සරම්පා ලව් කෙරුවෙ ගම්පා පඳුරු අස්සෙ රම්පා කෙල්ල මගෙ චම්පා මස්සිනා සම්පා විකුණන්නෙ පොම්පා ඈ අඳුරේ රහසක් ද කීවා මා රිසිසේ ලංවුනි ද ඈ හා ඒ පහසේ මිහිරි බව පරයා සිත නොනැසේ නම් මා සිටින්නේ ඒ ආදරය වෙනසේ මෙදා ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම මම මත්වු ආදරියෙ බොළඳයි ඔයා මේ මනමාල සුකුමාල ඔය දෑස මට බාර මියුලැසියේ සනසයි ඔයා මේ හදගැස්ම ඔය බැල්ම ඔබෙ නමට සිත බැන්ද ආදරය මිහිරියි තමා මේ මනමාල සුකුමාල ඔය දෑස මට බාර මියුලැසියේ සනසයි ඔයා

Champa lyrics · Pop Punk