Thotupola

Sonduriya

Amarasiri Peiris · Amarasiri Peiris Songs · 4:07

සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන කාලය කොතරම් නපුරුද සොඳුරිය පෙරුම් පුරා දුක සේ ගලපා ගත් කවිය ඔබම වී ගැලවුණ ගිය යුගයක හද ඇඳි ඔබ රුව සිහිනෙක වත් නැත ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නාපුරුදු සොඳුරිය ලොවට හොරා වෙළිලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුණ දවසක බෙදා හදා ගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවිහිමියෙන් කඳුළැලි පුරවා ගත් රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය

Sonduriya lyrics · Amarasiri Peiris