Thotupola

Landune

Amarasiri Peiris · Amarasiri Peiris Songs · 3:02

ළඳුනේ - ළඳුනේ ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ - ළඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුනිකුටියට පියමං වන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබ ද පටාචාරාවකි ඔබ ද කිසාගෝතමියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

Landune lyrics · Amarasiri Peiris