Mindada Hee Sara
W. D. Amaradeva · Swarna Wimanaya · 3:51
මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබිදෙන දෑසින් බලා හිඳිමි මම පිබිදෙන දෑසින් බලා හිඳිමි මම කුසුම් සිනා කැන් හද පුරවා මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මෙතුවක් කල් මුව මඬල වසා සිටි අන්ධකාර සළු පටින් මුදා මෙතුවක් කල් මුව මඬල වසා සිටි අන්ධකාර සළු පටින් මුදා නෙත් මිණි පහණින් පහන් කරනු මැන නෙත් මිණි පහණින් පහන් කරනු මැන අනාගතේ මං පෙත පාදා මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර...
