Man Thawa Dura Thaniyama Yannam
Thilina Ruhunage · Man Thawa Dura Thaniyama Yannam · 3:46
මං තව දුර තනියම යන්නම් හත්දින්නත් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම් ඇවිත් යන්න දුර වැඩි තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අඳුනන තනිකම මගේමයි කියන්නම් සඳත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියඹට ගිය ගඟ කොහේ හැංගුවේ කියන් මං තව දුර තනියම යන්නම් හත්දින්නත් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම් මතක් වෙන්න අමතක වෙන්නැති හිතක් මගේ වෙලානම් තවත් යන්නේ කොහොමද තනියම මමත් මගේ නොවේ නම් දුරින් තියපු මතකය අරගෙන යලිත් නුඹ එතැයි සිතන් හෙටක් අරන් ආපහු එනකම් නුඹේමයි කියන්නම් මං තව දුර තනියම යන්නම් හත්දින්නත් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම්
