Thotupola

Nandana Sihina

Sangeeth Wijesuriya · Best of Sangeeth Wijesuriya · 3:29

නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා අංජන සිසිල නුරා ඇස්වල ගාලා දෑතෙ බැඳී හාදු දිදී ලැමට වෙලී ඉඳලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන් ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා නලවලා ගස්සලා මෙහෙ බලන්න හැරිලා හිනැහිලා මට කියන්න ආදරේද කියලා මී පැණින් නාවාලා සූකිරිත් ගාවාලා සිහිනයක් පෙන්නාලා ආයෙමත් කොඳුරාලා ආදරෙයි ආදරෙයි කියන්නකෝ ලංවීලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා පියඹලා නියඟලා වද මලක්ද නෙලලා අන්දලා බන් දලා හැඩ බලන්න හිතිලා මීදුමත් ශෘංගාරයි දේදුනුත් රන් පැහැයයි පාලුවත් නැති ගානයි ආදරේ පෙර සේමයි ආදරෙයි ආදරෙයි සිඹින්නකෝ ලංවීලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා අංජන සිසිල නුරා ඇස්වල ගාලා දෑතෙ බැඳී හාදු දිදී ලැමට වෙලී ඉඳලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා

Nandana Sihina lyrics · Sangeeth Wijesuriya